Update – තුර්කි භූ කම්පනයෙන් එරට සිටින ලාංකිකයන්ට මෙතෙක් ගැටළුවක් නැහැ

Update – තුර්කි භූ කම්පනයෙන් එරට සිටින ලාංකිකයන්ට මෙතෙක් ගැටළුවක් නැහැ

Update – 08.21pm – 2023.02.06

අද(06) අළුයම ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ තුර්කියේ කහරමන්මාරස් පළාතේ විවිධ ස්ථානවල ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගෙන් අට දෙනෙකුම එරට පිහිටි තානාපති කාර්යාලය හා සම්බන්ධ වූ බවත් ඔවුන් සුරක්ෂිතව සිටින බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය හසන්ති දිසානායක මහත්මිය Live@8 වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

එසේම අද දහවල් හටගත් දෙවන භූ කම්පනය ඇති වූ ප්‍රදේශයේ ද ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු සිට ඇති අතර, ඔවුන් ද සුරක්ෂිතව සිටින බවයි තානාපතිනිය වැඩි දුරටත් සඳහන් කළේ.

………………………………………………………………………………………

06.28pm – 2023.02.06

අද(06) අළුයම සිදු වූ භූ කම්පනයෙන් අනතුරුව තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසයි.

එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර තුර්කියේ Ekinozu නගරයේ සිට කිලෝමීටර 04ක් පමණ දුරින් මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

දෙවන භූ කම්පනය සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 01.30ට පමණයි.

පළමු සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයන් 1,600කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

Share This