නියඟය හේතුවෙන් ඇති වූ සාගින්න නිසා ඉතියෝපියාවේ 176 ක් මරුට

නියඟය හේතුවෙන් ඇති වූ සාගින්න නිසා ඉතියෝපියාවේ 176 ක් මරුට

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාන්තයේ නියඟය හේතුවෙන් ඇති වූ සාගින්න නිසා අවම වශයෙන් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු සඳහන් කරනවා

ප්‍රාදේශීය පරිපාලකයෙකු වන Hadush Asemelash පවසා තිබෙන්නේ මේ වන විට මියගිය අය අතර පිරිමින් 101 ක් සහ කාන්තාවන් 75 ක් සිටින බවයි.

දෙවසරක සිවිල් යුද්ධයෙන් සහ නියඟයෙන් උග්‍ර වී ඇති Emba Sieneti දිස්ත්‍රික්කයේ 45,000ක් පමණ ජනතාව දැඩි කුසගින්නෙන් පෙළෙන බවද ප්‍රාදේශීය ආණ්ඩුකාර Kidanmariam Surafel පවසා තිබෙනවා

පවතින නියඟය සහ ප්‍රමාණවත් මානුෂීය ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තම නිවෙස් අතහැර පලා යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෑත සතිවල නියඟය ආශ්‍රිත සාගින්නෙන් 200 කට වැඩි පිරිසක් මිය ගිය පසු පසුගිය සතියේ ටයිග්‍රේ ප්‍රාන්තයේ අන්තර්වාර පරිපාලනය හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This