
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 කට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16ක් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32 කට ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස්දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බවයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබෙනවා.
මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කල නිවේදනයේ සදහන්.
නියෝජ්‍ය පොලිස්පතිරුන් ,ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම ලබාදී තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජූලි 2 වැනිදා සිට විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරු දෙදෙනෙකුට, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරයෙකුට, සහකාර අධිකාරීවරු 08 කට සහ වැඩබලන සහකාර බන්ධනාගාර අධිකාරීවරු 5 කට මෙලෙස ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතා මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.