නිරායුධ පිරිමි ළමයෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට ඊශ්‍රායල හමුදාවට චෝදනා

නිරායුධ පිරිමි ළමයෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට ඊශ්‍රායල හමුදාවට චෝදනා

16 හැවිරිදි පලස්තීන පිරිමි ළමයෙකුට ඊශ්‍රායලයේ හමුදා විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඔහු නිරායුධව සිටියදී කිසිම හේතුවක් නොමැතිව ඝාතනය කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ ඔහුගේ පවුලේ අය පවසා තිබෙනවා

පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරේ දින දෙකක් පුරා ඊශ්‍රායල හමුදා විසින් කළ ආක්‍රමණයේදී ළමුන් හතර දෙනෙකු ඇතුළු පලස්තීන ජාතිකයන් 12 දෙනෙකු මිය ගිය අතර සහ එක් ඊශ්‍රායල සොල්දාදුවෙකු මිය ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

ඊශ්‍රායලය ප්‍රකාශ කළේ මියගිය සියලුම පලස්තීනුවන් සටන්කාමීන් බවයි.

Share This