නිල්වැල්ල මුහුදේ ගිලීමෙන් පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට

නිල්වැල්ල මුහුදේ ගිලීමෙන් පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට

දික්වැල්ල නිල්වැල්ල (blue beach) මුහුදේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලීමෙන් අද (10) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දික්වැල්ල පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වත්තේ මොරවක වනසිං කන්ද පරගල කනිෂ්ට විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී. අසෝක් කුමාර් නම් එම විද්‍යාලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයායි.

මරණයට පත් සිසුවා වනසිං කන්ද පරගල ප්‍රදේශයේ සිට තවත් මිතුරන් හතර දෙනකු සමග ත්‍රීරෝද රථයකින් නිල්වැල්ල වෙරළ තීරයට පැමිණ වෙරළේ ක්‍රීඩා කරමින් සිට ඇති බවත්, පසුව පෙරවරු 10.30 ත් 11 ත් අතර කාලයේදී මුහුදට බැස දිය නාමින් සිට ඇති බවත් පොලීසිය පවසයි.

එහිදී හිටි හැටියේම මියගිය පාසල් සිසුවා හා තවත් තරුණයකු දියේ ගිලී ඇති අතර අනෙක් සිසුන්ගේ කෑ ගැසීම් හමුවේ එහි පැමිණි ප්‍රදේශවාසීන් විසින් එක් තරුණයකු බේරාගෙන ඇතැයි කියයි.

එහෙත් පැමිණි පිරිස අනෙක් ශිෂ්‍යයා බේරා ගැනීමට උත්සාහ දරා ඇතත් චන්ඩ රළ සහ ඒ සමඟ ඇතිවූ වැලි කැලත නිසා සිසුවා සොයාගැනීමට නොහැකිව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසී තරුණයින් හා දික්වැල්ල පොලිසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාසල් සිසුවා ගොඩට රැගෙන විත් 1990 ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කිරීමට උත්සාහ කළත් ගිලන් රථ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ සිසුවා ඒ වන විටත් මියගොස් ඇති බවයි.

ප්‍රදේශවාසියෙකු වූ පී. එම්. ලාල් මහතා පැවසුවේ දිය නෑම සිදු නොකරන ලෙස ප්‍රදේශවාසීන් දන්වා ඇතත් මුහුද හා ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් නැති මෙම දරුවන් මුහුදට බැස දිය නාමින් සිට ඇති බවයි.

සිද්ධිය පිළිබඳ දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන ලබයි.

Share This