නිල සංචාරයක් සදහා වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් හිමිපාණන් දිවයිනට පැමිණේ

නිල සංචාරයක් සදහා වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් හිමිපාණන් දිවයිනට පැමිණේ

නිල සංචාරයක් සදහා අද (3) මෙරටට පැමිණි ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පිළිගත්තා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කරනු ලබන්නේ, ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහායි.

මෙම සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී අමාත්‍ය හේරත් මහතා සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇති.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට ද නියමිතයි.

Share This