
නිවන් මග වැඩමකල පුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමි
අපවත්වී වදාළ පන්නිපිටිය මොරකැටිය පරම ධම්ම විහාරය හා දෙපානම දෙවධාර විහාරයන්හි අධිපති සල්පිටිකොරයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමියෝ අපේ යුගයේ ථෙරවාදී භික්ෂු සම්ප්රදාය බෙහෙවින් අර්ථසම්පන්න කළ සුපේෂල ශික්ෂාකාමී මහා යතීරයාණන් වහන්සේනමක්.
මොරකැටියේ පරම ධම්ම මහා විහාරයේ ආධිපත්‍ය හෙබවූ පුජනිය පන්නිපිටියේ පියදස්සි මාහිමි, පුජ්‍ය ඇරව්වල සුමනතිස්ස මාහිමි හා පුජ්‍ය අතුරුගිරියේ සද්ධාතිස්ස මාහිමිවරුන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් ලෙස මහණ උපසම්පදාව ලබා මාලිගාකන්දේ විද්ද්‍යෝදය මහපිරිවෙණින් හා එකල විද්ද්‍යෝදය සරසවියෙන් ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ලැබුවා.
උන්වහන්සේ සදලාංකාවේ ශාස්ත්‍රෝදය මහපිරිවෙණ, බන්ඩාරවෙල, තලවතුගොඩ හා මහරගම රජයේ පාසල්වල කීර්තිමත් ගුරුවරයෙකු ලෙස සිය සේවාව මැනවින් සිදුකළා.
තම ගුරුදේවයන් වහන්සේලා ආරම්භ කළ පරමධම්ම දහම් පාසල ප්‍රදේශයේ අතිශයින්ම සාර්ථක දහස් ගණනක සිසු දරුවන් සමාජයට බිහිකළ කීර්තිමත්ම දහම්පාසල බවට පත්කරන්නට උන්වහසේ ඉටුකලේ සුවුශාල මෙහෙවරක්.
සියම් නිකායික කෝට්ටේ මහා සංඝ සභාවට අතිශයින් හිත පක්ෂපාතිවූ උන්වහන්සේ එහි උතුම් කාරක සභික පදවියක් හා සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබමින් කළ සේවාව නිසාම අතිපුජනිය මහානායක මාහිමිපාණන්වහන්සේලා ප්‍රධාන නිකායික සියලු මහා සංඝරත්නයේ අතිශය ගෞරවයට හා ප්‍රසාදයට ලක්විණ.
උන්වහන්සේගේ ජීවිතයේ බෙහෙවින්ම ප්‍රකටවූ විශද ලක්ෂණය වුයේ තම ගුරුදේවයන් වහන්සේලාට දැක්වූ අපමණ ගුරුභක්තියයි.
ලෝක ශාසනික සේවයේ නිරත මහා යතිවරයන් රාශියකට හා නන්දෙසින් උසස් අධ්‍යාපනය සඳහා කොළඹට වැඩම කළ තරුණ භික්ෂුන් වහන්සේලා සිය ගණනාවකට උන්වහන්සේගේ නිහතමානි කාරුණිකත්වය හා සංග්‍රහ ශිලිත්වය තුළ සෙවන ලබා දුන් ආකාරය බෙහෙවින්ම අගය කල යුතුයි.
ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය, ඔස්ට්‍රෙලියාව හා ඉතාලිය ඇතුලු රටවල රැසක උන්වහන්සේ ධර්මදුත සේවාවන්හී නිරතවුණා.
ආගමික, සමාජ සේවා හා අධ්‍යාපනික උතුම් සේවාවන් රාශියක් රටට ලෝකයට සිදුකල පුජනිය කොට්ටාවේ පෙමරතන නායක මාහිමපාණන් වහන්සේ අපවත් වන විට 84 වැනි වියේ පසුවුණා.
පුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමියන්ගේ ශ්‍රි දේහය පිලිබඳ ආදාහන පූජොත්සවය, 2025 ජූනි 21 ඇරව්වල දූව විජයසිරිවර්ධනාරාමස්ථ ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.
අපවත්වී වදාළ පුජනිය කොට්ටාවේ පෙමරතන නායක මාහිමපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
– ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මයාතයේ ප්‍රධාන, ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි