නිවසක් ගිනි ගැනීමෙන් කාන්තාවක් මරුට
ආරච්චිකට්ටුව කිරිවැල්කැලේ ප්රදේශයේ නිවසක් තුළ දී කාන්තාවක් පිළිස්සී මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව සිය ස්වාමිපුරුෂයා සමග පොල්අතුවලින් සෑදූ නිවසක ජීවත්ව සිට ඇති අතර එම නිවසා ඊයේ (23) රාත්රී කාලයේ දී ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 65 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.