නිවසට ගෙනා දේහය කොවිඩ් කියා නැවත රැගෙන යයි – මළගෙදරට දෙසීයක් විතර ඇවිත්
අවසන් කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ මළ සිරුරක්, කොවිඩ් ආසදිතව මිය ගිය බවට තහවුරු වන බව පවසමින් නැවත රැගෙන යාමේ පුවතක් මිණිපුරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ දී ජීවිතක්ෂයට පත්වූ බුත්තල, ඔක්කම්පිටිය , මිණිපුරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑ හතක් වන කාන්තාවකගේ මළ සිරුර අවසන් කටයුතු කිරීම සදහා පවුලේ සමාජිකයින් වෙත රෝහලෙන් නිදහස් කර තිබෙනවා.
මළ සිරුර අවමංගල්‍යය ශාලාවක් වෙත රැගෙනවිත් සකස් කිරීමෙන් පසු නිවස වෙත රැගෙනවිත් ඇති අතර ඉන් පැය කිහිපයකට පසු රෝහලෙන් පවුලේ සමාජිකයින් වෙත දැනුම් දී තිබුණේ, මෙය කොවිඩ් ආසාදිත මරණයක් බවටයි.
පසුව සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණ නිවසේ තැන්පත් කර තිබූ දේහය නිරෝධායන නීති අනුව අවසන් කටයුතු කිරීම සඳහා රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ වන විටත් මෙම අවමංගල්‍යය පැවති නිවස වෙත පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් සහභාගි වී ඇති බවද වාර්තා වනවා.
සෞඛ්‍ය අංශ විසින් එම නිවසට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.