නිව්යෝර්ක් හි පාසල් බස් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට – 5කට බරපතල තුවාල (VIDEO)

නිව්යෝර්ක් හි පාසල් බස් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට – 5කට බරපතල තුවාල (VIDEO)

නිව්යෝර්ක් නුවර සිදුවූ පාසල් බස් රථ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉදිරිපස ටයරයේ දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් නිලධාරීහු සඳහන් කරනවා

බස් රථය ලෝන්ග් අයිලන්ඩ් සිට තූර්ය වාදක කඳවුරකට සිසුන් රැගෙන යමින් සිටියදී Wawayanda නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ

බසයේ 44 දෙනෙකු සිටි බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහල් හයකට රැගෙන ගොස් ඇති බවත් සඳහන්

මියගිය පුද්ගලයන් දෙදෙනා 43 හැවිරිදි Gina Pellettiere සහ 77 හැවිරිදි Beatrice Ferarri ලෙසයි හඳුනාගෙන ඇත්තේ

බස් රථයේ සිටි බොහෝ සිසුන් අවුරුදු 14ක් 15ක් පමණ වයසැති අය වන බවත් ඔවුන් සියලු දෙනා සුන්බුන්වලින් මුදා ගැනීමට විනාඩි 45ක කාලයක් පමණ ගත වූ බවත් ආණ්ඩුකාරවරයා පවසනවා

Share This