නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරුන් බඳවා ගැනීමේදී අක්‍රමිකතාවක්

නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරුන් බඳවා ගැනීමේදී අක්‍රමිකතාවක්

නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරුන් බඳවා ගැනීමට පැවති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් නීතිඥ වරුන්ගේ නම් කපා දමා විවිධ හිතවතුන්ගේ නම් ඇතුලත් කර පත්විම් ලබා දීමෙන් අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරු 23ක් බඳවා ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් 29 දින සිට මේ වසරේ ජනවාරි 22 දක්වා කාලය තුළ අයදුම්පත් කැඳවා තිබුණු අතර ඒ සඳහා අයදුම්පත් 800ක්ද ලැබී තිබූ බවද බව සඳහන්.

එම අයදුම්පත් අතරින් සුදුසුකම් සපුරා තිබූ අයදුම්කරුවන් 600ක් සිටි අතර අයදුම්පත් 200ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මෙහිදී පෙත්සම්කරුවන් සඳහන් කර සිටියේ මූලික සුදුසුකම් සපුරා තිබූ අයදුම්කරුවන් දින 30ක මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබූ බවයි.

එම සම්මුඛ පරික්ෂණයෙන් පසු අයදුම්කරුවන් 46 දෙනෙකු තෝරාගෙන තිබුණු අතර ඉන් අනතුරුව පුරප්පාඩු සංඛ්‍යාව තවත් 38කින් වැඩි තෝරා ගත් සංඛ්‍යාව 78ක් දක්වා වැඩි කර ඇති බව ද පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

එහිදී නිසි ක්‍රියාදාමයට අනුව සියලු කටයුතු සිදු වුවද බඳවා ගැනීමේදී සුදුසුකම් ලැබූ නීතිඥවරු නොමැතිව වෙනත් අය බඳවා ගැනීම යුක්ති මූලධර්මයන්ට පටහැනි බැවින් ලබා දුන් සියලුම පත්විම් තහනම් කරමින් රිට් අඥාවක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන බව සඳහන්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , රජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, හිටපු නීතිපතිවරයා, සොලිසිටර් ජනරාල්වරයා ඇතුලු පාර්ශ්ව 53ක් නම් කර තිබෙනවා.

Share This