
නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ දෙදෙනෙකු අල්ලයි
නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු දුම්වැටි 10,000ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු 41 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මේ අතර ඩුබායි සිට මෙරටට පැමිණි අයෙකු ද දුම්වැටි 23,600ක් සමග ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.