
නීති විරෝධීව ප්‍රවාහනය කළ කසළ තේ කිලෝ ග්‍රෑම් 3500ක් පොලිස් බාරයට
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 3500ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසිය අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් පොලිසිය පැවසුවේ ගම්පොළ,වෙලම්බොඩ සිට තලවකැලේ දක්වා මෙම කසළ තේ ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ලොරි රථය පරීක්ෂා කළ බවයි.
හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදි අදාල ලොරි රථය නතර කර පරික්ෂා කිරිමේදි කසළ තේ ප්‍රවාහනය කිරිම සදහා බලපත්‍රයක් නොමැති බවට අනාවරණය විමෙන් පසු ලොරි රථයේ රියදුරා, රිය සහයකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.