නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන 03ක් පොලිස් භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද වාහන 03ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා
ඒ අනුව නීති විරෝධීව මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිත කරමින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්
එය පිංවත්ත ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් භාවිත කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරක් මතයි පොලිස් භාරයට ගෙන ඇත්තේ
ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොහු විසින් භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති තවත් ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක් රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසක ගාල් කර තිබියදී ඊයේ පොලිස් භාරයට ගෙන තිබෙනවා
මෙම ජීප් රථ 03 සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය ආයතනවලට අයත් වාහන ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛ්‍ය සකස් කර මෙම වාහන භාවිත කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ
මෙම වාහන 03 පිංවත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා