නීති විරෝධී දුම්වැටි තොගයක් හා මත්පැන් සමග බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලවක් වටලයි

නීති විරෝධී දුම්වැටි තොගයක් හා මත්පැන් සමග බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලවක් වටලයි

බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලවක් වටලා නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් හා බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ , විදෙස් මත්පැන් තොගයක් සමග සැකකපිට තිදෙනෙකු බම්බලපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල රාත්‍රී සමාජ ශාලව තුල ස්පා මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන බවට ජේෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

එම ඒකකය පැවසුවේ අත්අඩංගුවට ගත් මත්පැන් සහ දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බවයි.

 

 

Share This