නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට
මුලතිව්, අම්බලන්පොක්කනේ සහ ත්රිකුණාමලය පොඩුවකට්ටු ප්රදේශවලට ඔබ්බෙන් වූ මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් නීතිවිරෝධී විදුලි ආලෝක ධාරා සහ දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙම සැකකරුවන් සමග ඩිංගි යාත්රා ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 21 ත් 53 ත් අතර වයසේ පසුවන මුලතිව්, කුච්චවේලි සහ පොඩුවකට්ටු යන ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.