නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ ළදු කැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1713 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

ඒ අනුව වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර 14ක් තුළ තිබී අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 513ක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.

තවද නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ සැකකටයුතු ලෙස සඟවා තිබූ උර 33ක තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1200ක පමණ තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව බීඩි කොළ කිලෝග්‍රෑම් 1713 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තවද මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙන බව සඳහන්.

Share This