නුවන් තුෂාරට T-20 තරගාවලිය අහිමි වෙයි

නුවන් තුෂාරට T-20 තරගාවලිය අහිමි වෙයි

ඇඟිල්ලක් ආබාධයකට ලක්වීම හේතුවෙන් නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

පල්ලෙකැලේ ඊයේ (24) පැවති පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුර ඔහු මෙලෙස ආබාධයට ලක්ව ඇති බව සඳහන්

ඒ සම්බන්ධයෙන් ලබාගත් වෛද්‍ය වාර්තාවක දැක්වෙන්නේ ඔහුගේ වම් මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට එක් කර තිබෙනවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, 20 – 20 තරගාවලි‍ය ලබන ලබන 27, 28, හා 30 දිනයන්වල පැවැත්වීමට නියමිතයි.

Share This