නුවරවැව සංවර්ධනයට ගොවි සංවිධාන හරස්කපයි

නුවරවැව සංවර්ධනයට ගොවි සංවිධාන හරස්කපයි

වාරි බලධාරීන් ඉබි යතුරු දැමීම හේතුවෙන් අනුරාධපුරය නුවරවැව ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණයකට පැමිණි සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසකට එහි සිරවීමට සිදු වුණා.

මේ සම්බන්ධයෙන් ඔවුන් අද මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා.

අනුරාධපුරය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එම ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැනුම්වත් කිරීමටද ආණ්ඩුවේ බලධාරීන් පියවර ගත්තා.

අනතුරුව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා ඇතුළු පිරිසක් නුවරවැව ආශ්‍රිත ප්‍රදේශයට ගියේ මෙම ස්ථාන සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමටයි.

ඒ සඳහා වාරි බලධාරීන් නුවරවැවේ වැව් බැම්මට ඇතුළුවීම අවහිර කරමින් දමා ඇති ගේට්ටුව විවෘත කරවා ගැනීමටද ඔවුන්ට සිදුවුණා.

වාරිමාර්ග නිලධාරීන් විසින් එම ගේට්ටුව විවෘත කර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස ඇතුළුවීමට ඉඩ ලබාදුන්නද ඔවුන් එහි සිටියදීම ගේට්ටුව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ නිරීක්ෂණය අවසන් කර පැමිණි නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස ආපසු යාමට නොහැකිව පීඩාවට පත්වූණා.

වාරිමාර්ග නිලධාරීන් පැමිණ නැවතත් ගේට්ටුව විවෘත කරදීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර ගොවිජන සංවිධාන නියෝජිතයින් නුවරවැව ආශ්‍රිතව සංචාරයක නිරත වෙමින් පැවැසුවේ නුවරවැව පරිසර පද්ධතිය සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට ඉඩ ලබදිය නොහැකි බවයි.

 

Share This