නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බව ජනපති පවසයි
2333 වැනි රාජ්‍ය පොසොන් උත්සව සමාරම්භය

නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බව ජනපති පවසයි

රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව, ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පෙරවරුවේ මිහින්තලය රජමහා විහාරස්ථාන පුදබිමේ පැවති 2333 වැනි රාජ්‍ය පොසොන් උත්සවයේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව 2333 වන ජාතික පොසොන් උත්සවය අද පෙරවරුවේ මිහින්තලය රජමහා විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා.
මේ සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ආරාධනයට අනුව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සහභාගී වුණා.
නැට්
මෙවර පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී ගෞරව නාමයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීමට මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය කටයුතු කළා.

Share This