නෙතන්යාහු කරන්නේ ලොකු වැරැද්දක් – අමෙරිකානු ජනපති කියයි

නෙතන්යාහු කරන්නේ ලොකු වැරැද්දක් – අමෙරිකානු ජනපති කියයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වැරැද්දක් සිදු කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා

ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රියා කලාපයට තමන් එකඟ නොවන බවයි ඔහු කියා සිටියේ.

ඉදිරි සති හයත් අටත් අතර කාලය තුළ ගාසා තීරයට සියලු ආහාර සහ ඖෂධ සඳහා සම්පූර්ණ ප්‍රවේශය තිබිය යුතු බවද ඔහු අවධාරණය කළා.

පසුගිය සතියේ ඔහු ඊශ්‍රායලයට අනතුරු ඇඟවූයේ යුද්ධය සඳහා පවතින එක්සත් ජනපදයේ සහයෝගය රඳා පවතින්නේ ඊශ්‍රායලය වැඩි ආහාර සහ ඖෂධ ලබා දීම මත වන බවයි.

සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට සති ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති අතර අමෙරිකාවෙන් ඊශ්‍රායලයට එල්ල වන පීඩනය වර්ධනය වෙමින් පවතිනවා.

එමෙන්ම හමාස් සංවිධානයද සටන් විරාමයකට එකඟ විය යුතු අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අනිවාර්ය බවද ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබුණා.

ඊශ්‍රායලය මෑතකදී උතුරු ගාසා තීරයට හරස් මාර්ගයක් සහ ගැඹුරු ජල තොටුපළක් විවෘත කිරීමට පොරොන්දු වී ඇති අතර එමඟින් එම ප්‍රදේශයට වැඩි ආධාර ගලා යාමට ඉඩ සලසන බව සඳහන්.

Share This