
නෙදර්ලන්ත-දකුණු අප්‍රිකා තරගය පන්දුවාර 43කට සීමා වෙයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා කර තිබෙනවා.
තරගය පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමා වුණා.
අනතුරුව තරගය ආරම්භ වුණේ පස්වරු 4.00ටයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය වන මෙය ඉන්දියාවේ ධරම්සලාහිදී පැවැත්වෙනවා.
