නේටෝව, යුක්‍රේනයට පිටුපායි (වීඩියෝ)

නේටෝව, යුක්‍රේනයට පිටුපායි (වීඩියෝ)

යුක්‍රේන – රුසියා යුද ගැටුම් ආරම්භ වී දින 10ක් ගත වුවත් තවදුරටත් තත්ත්වය සමතයට පත්වී නෑ.

ඊයේ බ්‍රසල්ස්හිදී රැස් වූ නේටෝවේ සාමාජික රටවල් මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවන් ආරම්භ කළා.

මේ වන විටත් යුක්‍රේනයේ ප්‍රධාන ප්‍රදේශ රැසක් අත්පත් කරගෙන සිටින රුසියාව ඊයේ දින තම බලය තව තවත් තහවුරු කර ගනිමින් සැපොරිසියා න්‍යෂ්ටික බලාගාරය තමන් යටතට පවරා ගැනීම පිළිබඳවත් එහිදී නේටෝ සාමාජිකයන්ගේ අවධානයට යොමුවුණා.

මෙවැනි පසුබිමක් තුළ යුක්‍රේනයේ අහිංසක සිවිල් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබුණද නේටෝ සංවිධානය යුක්‍රේනය ගුවන් පියාසර තහනම් කලාපයක් ලෙස නම් කිරීමට යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි කළ ඉල්ලීම ප්‍රතිෙක‍ෂ්ප කර තිබෙනවා.

මෙම ගැටුම්කාරී වාතාවරණයට සෘජුව මැදිහත්වීමට නේටෝව අකමැත්තක් පළ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව නේටෝවට අයත් ගුවන් යානා හෝ භටයන් මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට යෙදවීමෙන් වැළකීමට එහිදී එකඟතාවය පළවී තිබෙනවා.

මේ අතර, පවතින වාතාවරණය යටතේ යුක්‍රේනයට සහය ලබාදීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත ස්වෙච්ඡා සටන්කරුවන් විදේශයන් හි සිට යුක්‍රේනයට පැමිණමේ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර, තාක‍ෂණිකව රටට සහය පළ කිරීම වෙනුවෙන් ද තාක‍ෂණික විශේෂඥයින් රැසක්ද මේ වන විට යුක්‍රේනයට පැමිණ තිබෙනවා.

යුක්‍රේන – රුසියා යුද ගැටුම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රන් පැවසුවේ මෙම ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස න්‍යෂ්ටික ආරක‍ෂාව සහ ජාත්‍යන්තර ආරක‍ෂාව පත්ව ඇති අවදානම් තත්ත්වය පිළිබඳ තමන් කනස්සල්ලට පත්වන බවයි.

මේ අතර, පවතින වාතාවරණය යටතේ රුසියාව තුළ ෆේස්බුක් සමාජමාධ්‍ය භාවිතය තහනම් කර තිබෙනවා.

මේ අතර, කියෙව් අගනුවර බටහිර ප්‍රදේශවලට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා ගොඩනැඟිලි රැසකට හානි සිදුව තිබුණා.

අඛණ්ඩව එල්ලවන ප්‍රහාර හමුවේ පීඩාවට පත් යුක්‍රේන වැසියන් ආරක‍ෂිත ස්ථාන කරා යොමු වෙමින් සිටිනවා.

එමෙන්ම යුක්‍රේනයෙන් පිටත් වීමේ අපේක‍ෂාවෙන් සිටින යුක්‍රේනුවන් නිසා තවදුරටත් දේශසීමා අසල දැඩි තදබදයක් ද දක්නට ලැබෙනවා.

මේ වන විට ලක‍ෂ 12ට වැඩි යුක්‍රේන වැසියන් සිය රටින්පිටත්ව ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

පවතින යුධමය වාතාවරණය හේතුවෙන් සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවත් ඒ පිළිබඳ නිල දත්ත මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පෙන්වා දෙන්නේ යුක්‍රේනය සිය යුධ බලය අත්හරින තුරු මෙම ආක්‍රමණය අඛණ්ඩව සිදුකරන බවයි.

එවැනි පසුබිමක යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ද යටත් වීමට කිසිදු සූදානමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This