නේපාලයට බලපෑ භූමිකම්පාවකින් 6ක් මරුට

නේපාලයට බලපෑ භූමිකම්පාවකින් 6ක් මරුට

බටහිර නේපාලයට බලපෑ රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව CNN පුවත් සේවය සඳහන් කරනවා

එමෙන්ම අල්ජසීරා පුවත් සේවය මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 6.6ක් ලෙස වාර්තා කර තිබෙනවා

පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් ,භූමිකම්පාවෙන් නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

නේපාල අග්‍රාමාත්‍ය Sher Bahadur Deuba ට්විටර් පණිවිඩයක් තබමින් මියගිය අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දක්වා කම්පනය දැනී ඇති අතර තත්පර 10 ක පමණ කාලයකින් පසු එම කම්පන තත්ත්වය නැවතී ඇති බවයි පැවසෙන්නේ

Share This