නේපාලයට බලපෑ භූමිකම්පාවෙන් දහස් ගණනකට නිවාස නොමැතිව පීඩා

නේපාලයට බලපෑ භූමිකම්පාවෙන් දහස් ගණනකට නිවාස නොමැතිව පීඩා

බටහිර නේපාලයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් නිවාස රැසකට හානි සිදුව ඇති අතර දහස් ගණනක ජනතාවට දැඩි සීතල කාලගුණයත් සමගින් එළිමහනේ රැඳී සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

භූමිකම්පාවෙන් 157 දෙනෙකු මිය ගිය අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම නිලධාරීන් පවසන්නේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වෙමින් පවතින බවයි.

නිවාස නොමැති අයට නවාතැන් සැපයීම සහ අත්‍යවශ්‍ය සැපයුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැත් ඔවුන්ට ප්‍රමාණවත් තරම් කූඩාරම් නොමැති බව ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කරනවා

රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ දිස්ත්‍රික්කවන Jajarkot සහ Rukum හි බටහිර ප්‍රදේශ වෙත සහන ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This