නේපාලයෙන් භූ කම්පන 2 ක්

නේපාලයෙන් භූ කම්පන 2 ක්

නේපාලයේ භූ කම්පන 2 ක් වාර්තා වී තිබෙනවා.

එරට Surkhet හා Dahakot ප්‍රදේශ ආශ්‍රිතව එම භූ කම්පන වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ ඒකක 4.8 ප්‍රබලත්වයකගෙන් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති අතර ඉන් පැය දෙකකට පමණ පසුව ඒකක 5.9 ක ප්‍රබලත්වයකින් යුතුව අනෙක් භූ කම්පනය හටගෙන තිබෙනවා.

එම භූ කම්පන තත්වයන්ගෙන් අනතුරුව තවත් පසුකම්පන කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් එම භූ කම්පනයන්ගෙන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This