
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සිදුවිය හැකි ප්‍රහාර වලින් ආරක්ෂා වීමට පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත්, ගෘහස්ථව රැඳී සිටින ලෙසත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල නිලධාරීන්ට පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවට දැනුම් දෙන අතර පහත දුරකතන අංකයට ඇමතිය හැකි බවට නිවේදනය කළා.
හදිසි තොරතුරු සදහා ඇමතිය හැකි දුරකතන අංකය +977- 9851048653
සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් ළඟ තබා ගන්නා ලෙස එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී ඇතැයි ද තානාපති කාර්‍යාලය නිවේදනය කළා.
ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ඔවුන් අසල තබා ගන්නා ලෙස ද තානාපති කාර් යාල නිවේදනයේ සදහන්.