නේපාලයේ සුනඛ දිනය ගැන ඔබ දැන සිටියා ද ? (PHOTOS)

නේපාලයේ සුනඛ දිනය ගැන ඔබ දැන සිටියා ද ? (PHOTOS)

නේපාලය පුරා සිටින සුනඛයින් මල් මාලා දමා, එක් එක් වර්ණවල සායම්වලින් පාට කරන විශේෂ දිනයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය නේපාලයේ හින්දු භක්තිකයන් දින පහක් පුරා සමරන ‘Thihar” උත්සවයේ විශේෂ අංගයක් වනවා.

මෙම දිනය නම් කර අත්තේ “Kukur Thihar” ලෙසයි.

එහි තේරුම වන්නේ සුනඛයාගේ දිනය යන්නයි.

සුනඛයින් මිනිසුන් කෙරෙහි ඇති පක්ෂපාතීත්වය සහ ඔවුන් දක්වන ආදරයට කෘතගුණ සැමරීම සඳහා මෙම දිනය සමරනු ලබනවා.

එමෙන්ම හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ සුනඛයා, මරණයේ දෙවියන් වන යමරාජ්ගේ පණිවිඩකරු බවයි.

ඒ නිසා නේපාලයේ හින්දු භක්තිකයින් අතර සුනඛයින්ට ඇත්තේ සුවිශේෂී ස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

 

Share This