නේපාලයේ හමුදා වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට

නේපාලයේ හමුදා වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට

නේපාලයේ හමුදා වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය දින කිහිපය පුරා අවස්ථා කිහිපයක දී නේපාලයේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණා.

මේ හේතුවෙන් එරට වෙබ් අඩවි 58 ක් පමණ අක්‍රීය කිරීමට සිදුව ඇති බව සඳහන්.

මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් නේපාලයේ ජාතික ආරක්ෂාව අවදානමකට ලක්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Share This