නේපාලය අත්‍යාවශ්‍ය නොවන ගුවන් ගමන් තහනම් කරයි

නේපාලය අත්‍යාවශ්‍ය නොවන ගුවන් ගමන් තහනම් කරයි

හය දෙනෙකුට මරු කැඳවමින් එවරස්ට් කලාපයේ සිදුවූ මාරාන්තික අනතුරකින් පසු නේපාලයේ ගුවන් සේවා සමාගම විසින් අත්‍යාවශ්‍ය නොවන හෙලිකොප්ටර් ගුවන් ගමන් මාස දෙකක කාලයකට තහනම් කර තිබෙනවා.

පසුගියදා එවරස්ට් කඳුවැටිය ඇතුළු හිමාල කඳු මුදුන් නැරඹීමට ගොස් ආපසු එමින් සිටියදී හෙලිකොප්ටරය කඩා වැටීමෙන් මෙක්සිකානු සංචාරකයින් පස් දෙනෙකු සහ නේපාල ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත්වීමෙන් පසු මෙම තාවකාලික තහනම පැනවූ බව සඳහන්.

එවරස්ට් ඇතුළු ලොව උසම කඳු මුදුන් 14න් අටක් ඇති හිමාල කලාපයට ගුවන් අනතුරු පිළිබඳ ඉතිහාසයක් ඇති අතර බොහෝ ගුවන් සමාගම් සංචාරවලදී වලාකුළුවලින් වැසී ඇති කඳු මුදුන් අසල කුඩා ගුවන් තොටුපල වෙත ගමන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This