නේපාල බස් රථ අනතුරෙන් මියගිය අයගේ පවුල්වලට වන්දියක්

නේපාල බස් රථ අනතුරෙන් මියගිය අයගේ පවුල්වලට වන්දියක්

ඉන්දීය සංචාරකයින් රැගත් බස් රථයක් නේපාලයේ ටහාහුන් දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයකින් ගඟකට වැටි සිදු වූ රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති බව මහාරාෂ්ට්‍ර අමාත්‍ය ගිරිෂ් මහාජන් අද (24) ප්‍රකාශ කළා

එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය ජාතික සහන අරමුදලෙන් රුපියල් ලක්ෂ 2 ක වන්දියක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ

සංචාරක නගරයක් වන Pokhara සිට Kathmandu අගනුවර දක්වා ගමන් කරමින් සිටියදී එය අඩි 150 ක් උස ගඟට වැටී තිබුණා.

එහි සිටි මගීන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජලගෝන් දිස්ත්‍රික්කයෙන් පැමිණි අය වන අතර තුවාල ලැබූ පුද්ගලයන් ගුවන් මගින් කත්මන්ඩු වෙත රැගෙන ගොස් ත්‍රිබුවන් විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට ඇතුළත් කර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This