නොටින්හැම් ජනතාවට ඛේදජනක ආරංචියක්

නොටින්හැම් ජනතාවට ඛේදජනක ආරංචියක්

එක්සත් රාජධානියේ සිදු වු පුද්ගල ඝාතන 3ක් සඳහා සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඝාතනයට ලක් වූ පුද්ගලයින් තුන් දෙනාගෙන් දෙදෙනෙක්ගේ සිරුරු නොටින්හැම් (Nottingham) නගරයේ තිබී හමු වී ඇති අතර අනෙක් පුද්ගල මල සිරුර නගර මධ්‍යයට මදක් ඔබ්බෙන් වෙනත් මාර්ගයක තිබී හමු වී ඇති බවයි.

අදාළ සිද්ධීන් තුනම එකිනෙකට සම්බන්ධ බවට සැක කෙරෙන නමුත් එය මෙතෙක් තහවුරු වී නැහැ.

එසේම පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කිරීමට අවශ්‍ය නිසා මාර්ග කිහිපයක්ම තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයකින් තවත් පිරිසක් යට කර පළා යාමට උත්සාහ කිරිමෙදියි.

කෙසේ වෙතත් සැකකරු මෙතෙක් කිසිදු පාපොච්චාරණයක් සිදු කර නැහැ.

Share This