නොමිලයේ ලබා දීමට නියමිත පොහොර මෙරටට ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අවසන්

නොමිලයේ ලබා දීමට නියමිත පොහොර මෙරටට ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අවසන්

ලෝක ආහාර වැඩපිළිවෙළ විසින් මෙරටට ලබා දීමට නියමිත MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ සඳහා මෙම සතිය තුළ සියලු කටයුතු අවසන් කරන ලෙසත්, අදාළ ගිවිසුම් අත්සන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් දී ඇති අබව සඳහන්.

ඒ අනුව වී වගාවට අත්‍යාවශ්‍ය පොහොර වි‌ශේෂයක් වන MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ඉදිරි මහ කන්න දෙකක දී මෙරට සියලුම වී ගොවීන්ට නොමිලයේ ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඉහළ මිලක් වන MOP පොහොර වී ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට නියමිතයි.

Share This