නොවැක් ජොකොවිච් හෙට යළිත් අධිකරණයට

නොවැක් ජොකොවිච් හෙට යළිත් අධිකරණයට

අවස්ථා දෙකක දී වීසා අවලංගු කළ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් හෙට යළි ඕස්ට්‍රේලියානු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවයට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට පැමිණි ජොකොවිච් මේ වනවිට මෙල්බර්න් නුවර සංක්‍රමණික මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

ඒ එරටට ඇතුළු වීම සඳහා සපුරාලිය යුතු කොවිඩ් 19 එන්නත් අවශ්‍යතා සපුරාලීමට ජොකොවිච් සමත් නොවී සිටීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අදාළ වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරට බළධාරීන් කටයුතුකර තිබුණා.

කෙසේ වෙතත් හෙට දිනයේ දී අධිකරණය මගින් ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කළහොත් ජොකොවිච්ට වසර 03ක් යනතුරු ඕස්ට්‍රේලියානු වීසා ලබාගැනීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව වෙනුවෙන් ජොකොවිච්ට ටෙනිස් පිටියට පිවිසීමට ඇත්තේ ලබන සඳුදා වන අතර එම අවස්ථාව ඔහුට හිමිවේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා ප්‍රේක්ෂකයින් දෑස් දල්වා බලා සිටිනවා.

Share This