
නොවැම්බර් මස වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව දෙසැම්බර් මස 07 දින දක්වා දීර්ඝ කෙරේ
මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට සිදු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වී ඇති බවත්, මේ තත්ත්වය සලකා නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර මේ මස 07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
සති වාර ප්‍රවේශපත්‍ර සදහා මෙය වලංගු නොවන බව ද අදාල නිවේදනයේ දැක් වෙනවා.
