
පතොරම් ගැබක් සමග යතුරුපැදි අංක තහඩු 2ක් හමුවෙයි
වැලිඔය, කිරිබ්බන්වැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයා ගෙන තිබෙනවා
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී යි
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා