පයිතගරස්ටත් වඩා වසර 1000ක් පැරණි පයිතගරස් ප්‍රමේයය

පයිතගරස්ටත් වඩා වසර 1000ක් පැරණි පයිතගරස් ප්‍රමේයය

පයිතගරස් ප්‍රමේයය පයිතගරස්ට වඩා වසර 1000ක් පැරණි මැටි පුවරුවක ලියා තිබියදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබ තරමක් දුරට හෝ ත්‍රිකෝණමිතියේ රසිකයෙක් නම්, ඔබ පයිතගරස් නාමයට වෛර කරන කෙනෙකු හෝ පයිතගරස් නාමයට කැමති අයෙකු විය හැකියි.

ගණිත විශයෙහි වර්ධනයට පයිතගරස් ප්‍රමේයය වැදගත් වූ අතර පයිතගරස් සමීකරණය ලෙස සැලකෙන (a2 + b2 = c2) පයිතගරස් විසින් සොයාගෙන නොමැති බවයි වර්තා වන්නේ.

පෞරාණික බැබිලෝනියානු පුවරුවක IM 67118 යන නාමයෙන් එය හදුන්වා ඇති අතර එය සෘජුකෝණාස්‍රයක් තුළ විකර්ණයක දිග විසඳීමට භාවිතා කර තිබෙනවා.

ඒ අනුව ඉගැන්වීම සඳහා භාවිතා කරන ලද මෙම පයිතගරස් ප්‍රමේයය පයිතගරස් උපත ලැබීමට සියවස් ගණනාවකට පෙර ක්‍රි.පූ. 570 දී පමණ ආරම්භ වී ඇති බවයි සදහන් වන්නේ.

ක්‍රි.පූ. 1800 -1600 පමණ කාලයට අයත් තවත් පුවරුවක ත්‍රිකෝණ ලෙස ලේබල් කර ඇති චතුරස්‍රයක් තිබූ බවද සඳහන්.

ඒ අනුව පැරණි බැබිලෝනියානුවන් විසින් භාවිතා කරන ලද ගණන් කිරීමේ ක්‍රමය වන 60 පාදයේ සිට සලකුණු පරිවර්තනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ පැරණි ගණිතඥයින් විසින් පයිතගරස් ප්‍රමේයය ලෙස නම් කර නොතිබුණත් මෙම ප්‍රමේයය මෙන්ම අනෙකුත් උසස් ගණිතමය සංකල්ප ගැන දැන සිටි බවයි.

Share This