
පර්යේෂණ සහ සංවර්ධන අත්දැකීම් ගන්න – ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිත මුණගැසී සාකච්ඡා
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිත තකෆුමි කඩොනො මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වානිජකරණ ජාතික ප්‍රවේශයන් හි නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රීලංකා නියෝජිතායතනයේ දී සිදු වුණා.
පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්,ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සදහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වානිජ ජාතික ප්‍රවේශය මගින් ක්‍රියාත්මක කරන වානිජකරණ ක්‍රියාවලිය සදහා උපයෝගී කරගැනීම පිළිබදව අදහස් හුවමාරු කරගැනීම මෙම හමුවේ අරමුණ වී තිබුණා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම හමුවට සිංගප්පූරුවේ නන් යැංග් තාක්ෂණ විද්‍යාලයේ මහාචාර්ය ලවෙන් ලූ,IITM ප්‍රවර්තක තාක්ෂණ පදනමෙහි නව ප්‍රවේෂයන් හි ප්‍රධානී රාජේන්ද්‍ර මෝතා හන මහත්වරුන් එක්ව සිටියා.