පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ

පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ

පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් හමුවී තිබෙනවා.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ කළුගල් එලා ඇති රළ පනාව තුළ තිබී මෝටර් උණ්ඩයක් හමුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම රලපනා මත ගිය පුද්ගලයින් පිරිසක් මෙය දැක පොළොන්නරුව පොලිසිය දැනුවත් කර තිබුණා.

පසුව පොලිසිය ස්ථානය පරීක්ෂාවට ලක්කර අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර අද (07) එම මෝටර් උණ්ඩය අධිකරණ කටයුතු ක්‍රියාත්මක කර වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නිෂ්ක්‍රීය කිරීමට නියමිතයි.

පොලිසිය සඳහන් කරන්නේ මේ දිනවල පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටී ඇති නිසා දැනට වසර කීපයකට ඉහතදී ජලය පිරී තිබෙන අවස්ථාවක මෙම මෝටර් උණ්ඩය වැව් බැම්ම මත සිට රළපනාව දෙසට විසි කරන්නට ඇති බවට සැක කරන බවයි.

පොලිසිය පැවසුවේ මෙය යුද හමුදා විසින් භාවිතා කරන මෝටර් උණ්ඩයක් බවයි.

 

Share This