පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී දෙදෙනෙක් මරුට

පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී දෙදෙනෙක් මරුට

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (11) පස්වරුවේයි.

පොලීසිය සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති අතර එහිදී ඔවුන් ඔරුවක නැගී පරාක්‍රම සමුද්‍රයේ දියඹට ගොස් ඇති බවයි.

එහිදී ඔරුව පෙරළී ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔරුව තුළ පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පියා සහ 38 හැවිරිදි පුත්‍රයා වන අතර ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

 

Share This