පරිසරයට හානි වන අයුරින් කසළ බැහැර කරන පිරිස්වලට නීති දැඩි කෙරේ (VIDEO)

පරිසරයට හානි වන අයුරින් කසළ බැහැර කරන පිරිස්වලට නීති දැඩි කෙරේ (VIDEO)

ස්වභාවික පරිසර පද්ධතියට හානිදායක අයුරින් කසළ බැහැර කිරීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි සභාපති සුපුන් එස්. පතිරගේ මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඝණ අපද්‍රව්‍ය කොන්ත්‍රාත්කරුවෙකු විසින් සුරතලී ඇල්ල ප්‍රදේශයට බැහැර කිරීමෙන් පරිසර විනාශයක් වන බවට පරිසරවේදීන් විසින් පෙන්වාදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට කැළිකසළ බැහැර කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කළා.

කොළඹ, බදුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඇති පඹහින්න සුරතලී ඇල්ල සුන්දර ස්වභාවික පරිසර පද්ධතියක් පවතින ප්‍රදේශයක්.

Share This