පලස්තීනයේ සරණාගත කඳවුරක් ඊශ්‍රායල හමුදාව වටලයි

පලස්තීනයේ සරණාගත කඳවුරක් ඊශ්‍රායල හමුදාව වටලයි

පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් වටලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පලස්තීන වෛද්‍ය ආරංචි මාර්ග පවසන්නේ ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් තිදෙනෙකු මිය ගිය බවයි

ඔක්තෝබර් 7 වනදා ගැටුම ආරම්භ වූ දා සිට බටහිර ඉවුරේ පලස්තීනුවන් දෙසියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

සති හයකට පමණ පෙර යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන ඇතුළු කිරීම තහනම් කිරීම පිළිබඳව මානුෂීය සේවකයන් නිරන්තරයෙන් පැමිණිලි කරන බවද පැවසෙනවා

ඉන්ධන හිඟය නිසා අන්තර්ජාල සහ දුරකථන සේවා ද කපා හැර තිබෙන අතර ඒ හේතුවෙන් ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ විශාලතම නියෝජිතායතනය පවසන්නේ ආධාර ගෙන ඒමට සහ බෙදා හැරීමට තවදුරටත් නොහැකි බවයි.

Share This