පලස්තීන ජාතිකයින් පස් දෙනෙකු ඝාතනය කෙරේ

පලස්තීන ජාතිකයින් පස් දෙනෙකු ඝාතනය කෙරේ

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින් පස් දෙනෙකු ඝාතනය කර ඇති බව පලස්තීන සහ ඊශ්‍රායල බලධාරීහු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රාමල්ලා සහ හෙබ්‍රොන් නගර අසල ඊශ්‍රායල හමුදා සමග රාත්‍රියේ ඇති වූ ගැටුම්වලදී මොවුන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ

ඊශ්‍රායල හමුදා සෑම රාත්‍රියකම පාහේ බටහිර ඉවුරේ සෝදිසිකිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු කරමින් සිටින බවත් මේ වසරේ අවම වශයෙන් පලස්තීනුවන් 140 දෙනෙකු පමණ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Share This