පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් ගංවතුර (VIDEO)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් ගංවතුර (VIDEO)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් ගංවතුරින් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් බලපෑමට ලක්වූ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට බාධාවකින් තොරව තම විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා යුද්ධ හමුදාවේ සහාය ලබා දීමට අද (22) පියවර ගත්තා.

නෙළුව නගරයේ,නෙළුව-දෙල්ලව මාර්ගයේ මීටර් 150 ක පමණ කොටසක් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇති අතර එම ප්‍රදේශය හරහා ගමනා ගමනයට උපකාර කිරීම සඳහා යුද්ධ හමුදා ට්‍රක් රථ සහ ට්‍රැක්ටර් යොදවා තිබුණා.

මේ අතර, අකුරැස්ස ප්‍රදේශයේ, අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගයේ මීටර් 200 ක කොටසක් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇති අතර එම ප්‍රදේශ හරහා ගමනාගමනය සඳහා යුද්ධ හමුදා යුනිබෆල් රථ යොදවා විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් ප්‍රවාහනයට පියවර ගත්තා.

Share This