පවුල් ආරවුලකින් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

පවුල් ආරවුලකින් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු වෛද්‍යවරු විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මිය ගොස් ඇති බව දන්වා තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ වල්පලගම, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා තම බිරිඳ සමඟ බීමත්ව නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු සහ අසල්වාසීන්ට බැණ වදින පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

බිරිඳ විසින් මිය ගිය පුද්ලගයාගේ කට වැසීමට යාමේදී සිහිසුන් වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට අදාළ වයස අවුරුදු 42ක් වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොච්චියාගම පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

Share This