පස්වැනි වරටත් විවාහ වූ 93 හැවිරිදි මාධ්‍යකරණයේ බලවතා

පස්වැනි වරටත් විවාහ වූ 93 හැවිරිදි මාධ්‍යකරණයේ බලවතා

මාධ්‍යයේ බලවතා ලෙස හදුන්වන Rupert Murdoch, Elena Zhukova සමග විවාහ වී තිබෙනවා.

93 හැවිරිදි රූපට් මර්ඩොක් සිය කැලිෆෝනියාවේ මිදිවත්තේ පැවති උත්සවයකදී මෙලෙස පස්වැනි වරටත් විවාහ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු විවාහ වූයේ 67 හැවිරිදි රුසියානු ජීව විද්‍යාඥයෙකු වන එලේනා ෂුකෝවා සමගයි.

දරුවන් හය දෙනෙකු සිටින ඕස්ට්‍රේලියාවේ උපන් මර්ඩොක් මහතා Fox News, the Wall Street Journal, the Sun and the Times, News Cooperation යන සමාගම්වල හිමිකරු වනවා.

ඔහු පසුගිය වසරේ ෆොක්ස් සහ නිව්ස් කෝපරේෂන් හි සභාපති ධුරයෙන් ඉවත් වූ අතර, ඔහුගේ පුත් ලාච්ලාන් සමාගම් දෙකෙහිම ප්‍රධානියා මේ වන විට කටයුතු කරන බව සදහන්.

මර්ඩොක් මහතා සහ ෂුකෝවා මහත්මිය හමුවී ඇත්තේ ඔහුගේ හිටපු බිරිඳක් වන චීනයේ උපන් ව්‍යවසායක වෙන්ඩි ඩෙන්ග් විසින් පවත්වන ලද සාදයකදී බව සමහරුන් පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ගුවන් සේවිකාවක් වන පැට්‍රීෂියා බුකර්, ස්කොට්ලන්ත ජාතික මාධ්‍යවේදිනී ඇනා මෑන් සහ එක්සත් ජනපද නිරූපිකාවක් සහ නිළියක් වන ජෙරී හෝල් ඔහුගේ අනෙකුත් හිටපු බිරින්දෑවරු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This