පස් වසරකට පසු සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

පස් වසරකට පසු සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා

ඒ අනුව විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපොළට පැමිණ තිබුණා

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද ගුවන් තොටුපළේ Silk Route Lounge හි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබූ බව සඳහන්

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017, 2018 වසරවල දී පමණක් බවයි වාර්තා වන්නේ

එමෙන්ම දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 19,5127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250,000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ දීයි

කෙසේ වෙතත් ඒ අනුව ඉකුත් මාස 03 ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබෙනවා

මේ අතර රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් නව රජය කටයුතු කර ඇති අතර ඒ 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි

Share This