පහරකෑමට ලක්වූ දකුණු කොරියාවේ විපක්ෂ නායකයා සුව අතට – පහරදුන් පුද්ගලයා 60 හැවිරිදි අයෙක්

පහරකෑමට ලක්වූ දකුණු කොරියාවේ විපක්ෂ නායකයා සුව අතට – පහරදුන් පුද්ගලයා 60 හැවිරිදි අයෙක්

දකුණු කොරියාවේ විපක්ෂ නායකවරයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා

60 හැවිරිදි කිම් නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා ප්‍රහාරය එල්ල කර ස්ථානයේදීම පොලිස් භාරයට ගත් බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

දකුණු කොරියාවේ විපක්ෂ නායක Lee Jae-myung මේ වනවිට දැඩි සත්කාර ඒකකයෙන් පිටව වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටින බවද වාර්තා වනවා

දකුණු දිග වරාය නගරයක් වන බුසාන් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබුණේ

උසාවි විභාගයකට සහභාගි වීමට පෙර කිම් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමාට ප්‍රහාරයේ චේතනාව පිළිබඳව අදහසක් නොමැති නමුත් තමාගේ හේතු පැහැදිලි කරමින් පිටු අටක සටහනක් පොලිසියට ඉදිරිපත් කළ බවයි.

දකුණු කොරියාවේ තුවක්කු සහ අනෙකුත් ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි ඇති අතර බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් සාමාන්‍යයෙන් දැඩි ආරක්ෂාවක් යටතේ නොමැති බවද පැවසෙනවා

Share This