පහරදීමකින් පුද්ගලයෙකු මරුට

පහරදීමකින් පුද්ගලයෙකු මරුට

වේයන්ගොඩ, ගැමුණු මාවත, පත්තලගෙදර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් අතරතුර සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පත්තලගෙදර, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ දියණිය විවාහ වීමට සිටි පුද්ගලයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා විසින් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුද ගැටුමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත්ව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Share This