පහළ යන රයිස්, කොත්තු මිල

පහළ යන රයිස්, කොත්තු මිල

විදුලි ගාස්තු අඩු වීම හේතුවෙන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන අතර රයිස් සහ කොත්තු මිලද රු 25කින් පහළ දැමෙන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ.

එමෙන්ම පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමද සිදුවනු ඇති.

ඒ අනුව මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි සභාපතිවරයා ආපනාශාලාහිමියන්ගෙන් ඉල්ලා සිටියේ.

Share This